මම හිතන්නෙ ඉංග්‍රීසි යෙදුම වචනයෙන් වචනයට පරිවර්තනය කරනවාට වඩා හොඳයි Data Strutures යන්න සිංහලෙන් විස්තර කරන එක. එම විස්තර කිරීම තුලින් හොඳ සිංහල යෙදුමක් සොයා ගන්න පුලුවන් වෙයි.
Data Structures ගැන කතා කරන විට දත්ත ගැන කතා කල යුතුමද? එය ඇත්තටම පරිගණක තුල භාවිතයෙනුත් වියුක්ත වූ සංකල්පයක් නොවෙයිද? උදාහරණයක් ලෙස Queue එකක් සලකන්න. එය එදිනෙදා ජීවිතයෙදි යොදා ගැනෙන සංකල්පයක්. එම සංකල්පයෙන් විස්තර වන්නෙ එකක් පසු එකක් සිටින සේ සකසන ලද විවිධ දෑ හි එකතුවකි. මෙම පෙල ගැස්මේ ඉදිරිය හා පසුපස පැහැදිලි අතර පෙල ගැස්මෙන් යමක් ඉවත් කරන විට ඉදිරියෙන් ඇති දෙය පමනක් ඉවත් කල යුතු අතර යමක් එක් කරන විට පසුපසම ඇති දෙය ඉවත් කල යුතුය. මෙම පෙල ගැස්ම ඒකකයක් ලෙස හසුරුවන විවිධ දෑ හී එකතුවකි. මෙම සංකල්පය දත්ත හො වෙන එලෙස පෙල ගසන ලද අනෙක් වස්තූන් ගෙන් වියුක්ත වූ සංකල්පයකි. අපට සුපුරුදු Stack, List, Tree යනාදි data strutures ද මෙසේ පරිගනක තුල භාවිතයට පමනක් සීමා නොවූ සංකල්පයන්ය.
එසේනම් Data Struture යනු යම් නීතී මාලාවක් අනුව හා පොදු පිලිවෙතක් අනුව එකතු කොට ඇති යම් යම් දෑ හි එකතුවක් බවය. එසෙම එම එකතුව ඒකකයක් ලෙස සංයුතිය දෙස නොබලා යොදා ගත හැකි වීමද වැදගත්ය. මෙවන් එකතුවකට හොඳ සිංහල යෙදුම කුමක්ද?
Saturday, July 26, 2008
Subscribe to:
Post Comments (Atom)
4 comments:
ඔබ සපයා ඇති විස්තරය අනුවත් "දත්ත ව්‍යුහ" යන යෙදුම ගැලපෙන බව පේනවා.
'දත්ත ආකෘති' කියන වචනය මොකද
මැවිසුරු ඊලියන් ද සිල්වාගේ 'සිංහළයෙන් සිප්යුරු වදන්' ගතෙහි එන දතයුරුව(data) සැහැටිය(structure) යන දෙවදන් මුසු කිරීමෙන් 'දතයුරු සැහැටි' යන්න තනා ගත හැති ය.
දත්ත යන්න හළා 'සැහැටිය' (Data Structure) 'සැහැටි' (Data Structures) යන්න යෙදිය හැකි නම් කදිම ය. සැහැටිය (හොඳ හෝ වෙසෙස් හැටිය) යන්නේ ඔබ අවසන ඉල්ලා සිටින අරුත් ඇතැයි සිතමි.
අදහස් දැක්වූ සැමට තුති.
Post a Comment