සිංහලෙන් පරිගනක විද්‍යාව හො තාක්‍ෂණය පිලිබඳ ලියන්න උත්සහ කිරීමේදි එක් ගැටලුවක් තමයි ඉංග්‍රීසි වදන් වෙනුවට යොදාගත හැකි සිංහල පාරිභාෂික වදන් නැතිවීම. මට හිතෙන විදියට වදන් තැනීමට උත්සහ ගැනීම මෙම ගැටලුව විසදීමට තිබෙන එකම ක්‍රමය නොවෙයි.
පාරිභාෂික වදන්වල හිර නොවී සංකල්ප, සිද්ධීන්, සිද්ධාන්ත විස්තර කිරීමට සිංහල බස බලවත් නැද්ද? යම් සංකල්පයක් විස්තර කිරීමට තනි වචනයක් නොමැතිවීම ලොකු අඩුවක්ද? පාරිභාෂික පදවල හිර නොවී විද්‍යාව හා තාක්‍ෂණය පිලිබඳ සරල බසින් ලියුවහොත් යම් දිනෙක සුමට පද නිරායාසයෙන්ම මතු වෙනු ඇති බවයි මගෙ හැඟීම.
ඉංග්‍රීසී බසින් පාරිභාෂික වචන මුලින් හදලා නොවෙයිනෙ සංකල්ප, තාක්‍ෂණයන්, සිද්ධාන්ත නිමැවුනෙ. අප වෙනත් අය නිමවූ තාක්‍ෂණයන් හා සංකල්ප නැවත අපෙ බසින් ඉදිරිපත් කිරීමට උත්සහ දැරීමේදි ඉංග්‍රීසිය සිංහලෙන් ලියවෙන බවයි මට හිතෙන්නෙ :-)
එක් ඉංග්‍රීසි වදනක් වෙනුවට සිංහල වදන් හෝ වැකි බොහෝ යොදාගෙන හෝ සරල සිංහලෙන් පරිගනක විද්‍යාව හා තාක්‍ෂණය පිලිබඳ ලිවීමට හැකිනම් අගෙයි කියලා හිතෙනව.
Wednesday, July 30, 2008
Saturday, July 26, 2008
Data Structures සදහා සිංහල වචනයක් තියෙනචද?
මම හිතන්නෙ ඉංග්‍රීසි යෙදුම වචනයෙන් වචනයට පරිවර්තනය කරනවාට වඩා හොඳයි Data Strutures යන්න සිංහලෙන් විස්තර කරන එක. එම විස්තර කිරීම තුලින් හොඳ සිංහල යෙදුමක් සොයා ගන්න පුලුවන් වෙයි.
Data Structures ගැන කතා කරන විට දත්ත ගැන කතා කල යුතුමද? එය ඇත්තටම පරිගණක තුල භාවිතයෙනුත් වියුක්ත වූ සංකල්පයක් නොවෙයිද? උදාහරණයක් ලෙස Queue එකක් සලකන්න. එය එදිනෙදා ජීවිතයෙදි යොදා ගැනෙන සංකල්පයක්. එම සංකල්පයෙන් විස්තර වන්නෙ එකක් පසු එකක් සිටින සේ සකසන ලද විවිධ දෑ හි එකතුවකි. මෙම පෙල ගැස්මේ ඉදිරිය හා පසුපස පැහැදිලි අතර පෙල ගැස්මෙන් යමක් ඉවත් කරන විට ඉදිරියෙන් ඇති දෙය පමනක් ඉවත් කල යුතු අතර යමක් එක් කරන විට පසුපසම ඇති දෙය ඉවත් කල යුතුය. මෙම පෙල ගැස්ම ඒකකයක් ලෙස හසුරුවන විවිධ දෑ හී එකතුවකි. මෙම සංකල්පය දත්ත හො වෙන එලෙස පෙල ගසන ලද අනෙක් වස්තූන් ගෙන් වියුක්ත වූ සංකල්පයකි. අපට සුපුරුදු Stack, List, Tree යනාදි data strutures ද මෙසේ පරිගනක තුල භාවිතයට පමනක් සීමා නොවූ සංකල්පයන්ය.
එසේනම් Data Struture යනු යම් නීතී මාලාවක් අනුව හා පොදු පිලිවෙතක් අනුව එකතු කොට ඇති යම් යම් දෑ හි එකතුවක් බවය. එසෙම එම එකතුව ඒකකයක් ලෙස සංයුතිය දෙස නොබලා යොදා ගත හැකි වීමද වැදගත්ය. මෙවන් එකතුවකට හොඳ සිංහල යෙදුම කුමක්ද?

Friday, July 25, 2008
වසරකට පසු
වසරකට පසු ඔන්න අද තමයි මෙහි නැවත සටහනක් තබන්නෙ. සෑහෙන්න කාලයක් සිංහල ලියන්න යොදා නොගත් නිසා ලියන එක නිරායාසයෙන් කරන්න අපහසුයි. නමුත් උත්සහ කරල බලමු.
සිංහල බසින් පරිගණක විද්‍යාවට අදාල කරුනු පිලිබඳ යම් පමනකින් ලියන්න අදහසක් තියනව. බලමු කරන්න පුලුවන්ද කියල.
සිංහල බසින් පරිගණක විද්‍යාවට අදාල කරුනු පිලිබඳ යම් පමනකින් ලියන්න අදහසක් තියනව. බලමු කරන්න පුලුවන්ද කියල.
Tuesday, July 10, 2007
මුල් සටහන
දින පොතක් කිව්වට හැම දිනම ලියන්න අදහසක් නම් නැහැ :-) සිංහලෙන් සටහන් තබන්න ගන්න පොඩි උත්සහයක්.
Subscribe to:
Posts (Atom)