සිංහලෙන් පරිගනක විද්‍යාව හො තාක්ෂණය පිලිබඳ ලියන්න උත්සහ කිරීමේදි එක් ගැටලුවක් තමයි ඉංග්‍රීසි වදන් වෙනුවට යොදාගත හැකි සිංහල පාරිභාෂික වදන් නැතිවීම. මට හිතෙන විදියට වදන් තැනීමට උත්සහ ගැනීම මෙම ගැටලුව විසදීමට තිබෙන එකම ක්‍රමය නොවෙයි.
පාරිභාෂික වදන්වල හිර නොවී සංකල්ප, සිද්ධීන්, සිද්ධාන්ත විස්තර කිරීමට සිංහල බස බලවත් නැද්ද? යම් සංකල්පයක් විස්තර කිරීමට තනි වචනයක් නොමැතිවීම ලොකු අඩුවක්ද? පාරිභාෂික පදවල හිර නොවී විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ සරල බසින් ලියුවහොත් යම් දිනෙක සුමට පද නිරායාසයෙන්ම මතු වෙනු ඇති බවයි මගෙ හැඟීම.
ඉංග්‍රීසී බසින් පාරිභාෂික වචන මුලින් හදලා නොවෙයිනෙ සංකල්ප, තාක්ෂණයන්, සිද්ධාන්ත නිමැවුනෙ. අප වෙනත් අය නිමවූ තාක්ෂණයන් හා සංකල්ප නැවත අපෙ බසින් ඉදිරිපත් කිරීමට උත්සහ දැරීමේදි ඉංග්‍රීසිය සිංහලෙන් ලියවෙන බවයි මට හිතෙන්නෙ :-)
එක් ඉංග්‍රීසි වදනක් වෙනුවට සිංහල වදන් හෝ වැකි බොහෝ යොදාගෙන හෝ සරල සිංහලෙන් පරිගනක විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ ලිවීමට හැකිනම් අගෙයි කියලා හිතෙනව.
Wednesday, July 30, 2008
Subscribe to:
Post Comments (Atom)
1 comment:
වෙසසින් පිරිගණන හා සබැඳි වදන් ලිවීමේ දී තමයි, මේ උගුලේ වැටෙනුයේ. මෙහි දී මට පසක් වනුයේ මහ අඳුරු නලින් ද සිල්වා කියූ කරුණකි. එ නම් අපට අපේ සොයුනක් (විද්‍යාවක්) නොමැති බැවින් තමයි මේ උගුල. ඔවුන ගේ සොයුන අපේ කර ගැන්ම, sandwich හදලා කාපු පාන්, පරිප්පු සමඟ අප කෑවේ සුද්දා කියපු නිසා නොවේ නේ ද? මේ හැම දෙයක්ම අපේ කර ගත් කල අපේ වදන් ඉබේම මතු වේවි.
Post a Comment